දේදුන්නක් හැදෙන්නේ කොහොමද

  දේදුන්නක් හැදෙන්නේ කොහොමද දේදුන්නක් හැදෙන්නේ ගොඩක්ම අව්වත් වැස්සත් එකම වෙලාවක සිද්ද වෙද්දි කියල දන්නවනෙ. ඔයාලා දන්නවා ඇති ඉර එළිය සුදු පාට...

Tuesday, 4 June 2024

පූසො පුරු පුරු ගාන්නෙ ඇයි?


 

පූසො පුරු පුරු ගාන්නෙ ඇයි?


පූසොන්ගේ උගුරේ විශේෂිත වූ මාංශ පේශී ගොඩක් තියනවා. මේවා පූසො හුස්ම ගන්න කොට කම්පනය වෙනවා. එතකොට තමයි මේ පුරු පුරු සද්දයක් එන්නෙ. මේ පුරු පුරු සද්දය ගොඩක් වෙලාවට එයාලගෙ සන්නිවේදනයට හෝ හැඟීම් ප්‍රකාශ කිරීමට යොදා ගන්නවා.    

පූසො සතුටින් සිටින විට, සුරතල් කරන විට, හෝ අයිතිකාරයා සමඟ සුරතල් වෙන විට මේ පුරු පුරු සද්දෙ අපිට හොදින් අහන්න පුලුවන්. ඒවගේම ඔවුන් බියට පත් වූ විට, හෝ වේදනාවෙන් සිටින විට පවා මෙම පුරු පුරු සද්දය අහන්න පුලුවන්. මේ පුරු පුරු කම්පනය එයාලට තුවාල හෝ රෝගවලින් සුවපත් වෙන්න වගේම සන්සුන් වෙන්නත්, ආතතිය අඩු කරගන්නත් උපකාරි වෙනව. 

දවස තිස්සෙම නිදාගන්න පූසොන්ට ව්‍යායාමවලින් තොරව නිරෝගීව ඉන්නත් මේ පුරුපුරුව ගොඩක් වැදගත් වෙනවා.

No comments:

Post a Comment