අහස නිල්පාටින් පෙනෙන්නෙ ඇයි?
ඔයාලා දන්නවා ඇති නේද ඉර එළිය සුදු පාටට පෙනුනට ඒක පාට හතක එකතුවක් කියලා. අපේ පෘතුවියේ වායුගෝලය හැදිලා තියෙන්නේ කුඩා අංශු සහ වායූන් වලින්. මේවාට මේ සුදු පාට ඉර එළිය වැටුනාම ඒක විසිරීම (Scattering) කියන විද්‍යාත්මක සංසිද්ධියක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ සිදුවීම සොයා ගත් විද්‍යාඥයාගේ නමින් (Rayleigh scattering) මේක නම් කරලා තියෙනවා.
අපේ වායුගෝලයේ ගොඩක්ම පිරිලා තියෙන්නේ අනිත් පාට වලට වඩා නිල්පාට විහිදුවන අංශු හා වායූන් වලින්.ආලෝකය ගමන් කරන්නේ තරංග විදියටයි. මේ නිල් පාට වල ආලෝක තරංග අනිත් පාටවල්වල ආලෝක තරංග වලට වඩා ගොඩක් කෙටි හා කුඩා හින්දා ඒවා අහස වටා විසිරී ගොස් අපේ ඇස් වලට නිල් පාටින් පේනවා. රතු හෝ කොළ වැනි වෙනත් වර්ණවලින් අපට අහස නොපෙනෙන්නේ ඇයි කියල හිතිලා තියනවද? එහෙම වෙන්නේ රතු, තැඹිලි සහ කහ වැනි අනෙකුත් වර්ණවල දිගු ආලෝක තරංගවලට ඇති නිසයි. මෙම දිගු තරංග නිල්පාට තරංග තරම් විසිරී යන්නේ නැත. ඉතින්, රතු සහ කහ ආලෝකය ස්වල්පයක් විසිරී ගියත්, එය බොහෝ දුරට නිල් ආලෝකය සෑම තැනකම පැතිරී අහස නිල් පැහැයකින් පේනවා.
No comments:
Post a Comment